යුරෝපයේ සහ අප්‍රිකානු කලාපයේ බහුලව දකින්නට ලැබෙන $Egretta$ $gularis$ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ‘Western Reef Heron’ (බටහිර වැටි කොකා) නමැති අතිදුර්ලභ පක්ෂියා ප්‍රථම වරට බ්‍රිතාන්‍යයෙන් හමුවී තිබේ. මෙම සුවිශේෂී පක්ෂියාව දැකබලා ගැනීම සහ ඡායාරූපගත කරගැනීම සඳහා මේ වන විට සිය ගණනක් පක්ෂි නිරීක්ෂකයින් (Birdwatchers) උතුරු වේල්සයේ වෙරළබඩ නගරයක් වෙත රොද බඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම කුඩා කොකා විශේෂයට අයත් පක්ෂියාව බ්‍රිතාන්‍ය භූමියෙන් ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කර ඇත්තේ දශක කිහිපයක පළපුරුද්දක් ඇති ප්‍රවීණ පක්ෂි විද්‍යාඥයෙකු වන සයිමන් හියුස්ටන්-රොබර්ට්ස් (Simon Houston-Roberts) විසිනි. සාමාන්‍යයෙන් දකුණු යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ ඇතැම් නිවර්තන කලාපීය කොටස්වල පමණක් ස්වභාවිකව ජීවත් වන මෙම පක්ෂියා බ්‍රිතාන්‍යයෙන් හමුවීම පක්ෂි විද්‍යාඥයන්ගේ ද දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි.















