අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු විවිධ ප්‍රාන්තවල රාජ්‍ය ආයතන ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ සිට මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචා සිදුකළ චීන ජාතිකයන් 17 දෙනෙකු සහ ලාඕස් ජාතික තරුණියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල රැඳී සිටිමින් මෙම සැකකරුවන් පිරිස දෙස් විදෙස් විශාල පිරිසක් රවටා මූල්‍ය වංචා සිදුකරන බවට රාජ්‍ය බුද්ධි සේවයට (SIS) සහ පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් කූඨ ලේඛන සකසමින් මෙම සංවිධානාත්මක අන්තර්ජාල ජාවාරම මෙහෙයවා ඇති බවයි. වැටලීම සිදුකළ ස්ථානවල තිබී අමෙරිකාවේ කොලරාඩෝ ඇතුළු ප්‍රාන්ත කිහිපයක රාජ්‍ය ආයතනවල නිල මුද්‍රා සහිත ව්‍යාජ ලිපි ලේඛන තොගයක්, සැකකරුවන් සන්තකයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර 62ක් සහ ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ සෘජු මෙහෙයවීමෙන් සහ අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.















