ලුණුගම්වෙහෙර, උනාතුවැව 170 කනුව ආසන්නයේදී පෞද්ගලික බස්රථ දෙකක් අද (11) පස්වරුවේ මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ බදුල්ලේ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි. අනතුරින් සිදුවූ තුවාල ලැබීම් හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති අතර, ලුණුගම්වෙහෙර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.















