ඉරානය ඉලක්ක කර ගනිමින් අද (11) සවස එල්ල කිරීමට සැලසුම් කර තිබූ සියලුම හමුදා ප්‍රහාර සහ බෝම්බ හෙලීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගත් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉරාන ඉහළම නායකත්වය සහ කලාපීය රාජ්‍යයන් කිහිපයක් සමඟ පැවැති විශේෂ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
තමාගේ “ටෘත් සෝෂල්” (Truth Social) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව තහවුරු කර තිබේ. ඉස්ලාමීය ඉරාන ජනරජයේ ඉහළම නායකත්ව මට්ටම සමඟ පැවැති සාකච්ඡා සාර්ථක වූ බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තමන් අද සවස් කාලයේ ඉරානයට එරෙහිව දියත් කිරීමට නියමිතව තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් අවලංගු කළ බව එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
















