හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර 10කින් තරුණ වී ඇති බැවින් පක්ෂයට අලුත් නායකත්වයක අවශ්‍යතාවක් නැතැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඊයේ (11) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. වර්තමාන දේශපාලන තත්ත්වයට මුහුණ දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පළපුරුද්ද සහ නායකත්වය තවදුරටත් පක්ෂයට මෙන්ම රටට ද අත්‍යවශ්‍ය බව හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















