සිය 21 වැනි අභිමානවත් වසර සමරන ‘Future Minds 2026’ අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය අද (12), හෙට (13) සහ අනිද්දා (14) කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයක් වන මෙහි දෙවන අදියර ලබන 20 සහ 21 දිනවල මහනුවර සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
කොළඹ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සංවිධාන කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා ඇතුළත් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වේ. මෙහිදී උසස් අධ්‍යාපන අවස්ථා, වෘත්තීය පුහුණු පාඨමාලා සහ නොමිලේ වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමට බලාපොරොත්තු වන අතර, පැමිණෙන සැමට වැදගත් වන වටිනා අවස්ථා සහ ක්‍රියාකාරකම් රැසක් මෙවර ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ.
















