රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී බිල්පත් සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, විකිණීමට තැබූ බිල්පත්වලින් විශාල ප්‍රමාණයක් ඉතිරි වී ඇති බව වාර්තා වේ. පසුගිය වෙන්දේසියට සාපේක්ෂව දින 182කින් කල්පිරෙන බිල්පත් සඳහා වන පොලී අනුපාතිකය (ඵලදා අනුපාතිකය) ඉහළ ගොස් තිබියදීත් මෙම තත්ත්වය හටගෙන ඇත.
මෙම වෙන්දේසියේදී රුපියල් මිලියන 140,000ක සමස්ත බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කළද, ඉන් පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 71,744ක ලංසු ප්‍රමාණයක් පමණි. ඒ අනුව ඉදිරිපත් කළ සමස්ත බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් මිලියන 68,256ක්, එනම් අඩකට ආසන්න ප්‍රමාණයක්ම අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ.
















