සංවර්ධනය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා 2026 අයවැය යෝජනා යටතේ ‘කාන්තා අභිවෘද්ධි වැඩසටහන’ වෙනුවෙන් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. විශේෂ අවධානයක් යොමු කළ යුතු ආර්ථික මට්ටම්වල පසුවන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ යටතේ මධ්‍යම මට්ටමේ ව්‍යවසායිකාවන් ඉහළ මට්ටමට ඔසවා තැබීම, දෙස්-විදෙස් වෙළෙඳපොළ අවස්ථා සැකසීම, රැකියා විරහිත තරුණියන් ව්‍යවසායකත්වයට යොමු කිරීම සහ හිංසනයට ලක්වූ කාන්තාවන් රැකබලා ගැනීම වැනි ප්‍රතිඵල රැසක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම ‘දිවිසරණි’ සහ ‘දිරිය මංපෙත’ ව්‍යාපෘති හරහා වැන්දඹු, කාන්තා ගෘහමූලික, වතු, ධීවර මෙන්ම නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණ්‍ය උගුල්වලට හසුවූ කාන්තාවන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ද පියවර ගැනේ.
















