මැදපෙරදිග පවතින යුද ගැටුම්වල දැඩි බලපෑම හේතුවෙන් 2026 වසර සඳහා වන ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථනය 2.5% දක්වා පහත හෙළීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.
බ්‍රහස්පතින්දා (11) නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික ‘ගෝලීය ආර්ථික අපේක්ෂා’ (Global Economic Prospects) වාර්තාව මගින් මෙම දත්ත අනාවරණය කෙරිණි. ලෝක බැංකුව වැඩිදුරටත් අනතුරු අඟවන්නේ, බලශක්ති සැපයුමට බාධා එල්ල වීම සහ මූල්‍ය වෙළඳපොළ තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුවහොත්, මෙම ආර්ථික වර්ධන වේගය 1.3% ක් දක්වා තවදුරටත් කඩා වැටිය හැකි බවයි.
ගෝලීය වශයෙන් පවතින මෙම ආර්ථික අවිනිශ්චිතතාවය ඉදිරි කාලසීමාවේදී ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙති.
















