පාර්ලිමේන්තුව අද (12) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, දවසේ කටයුතු සඳහා වන න්‍යාය පත්‍රය විවිධ කාල පරාසයන් යටතේ වෙන් කර ඇත.
පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ. ඉන් අනතුරුව පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද, පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත.
පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වන රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය. එසේම පස්වරු 2.30 සිට 5.30 දක්වා 2025 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන්, 2026 මැයි 20 වන දින ආරම්භ කරන ලද සභාව කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතය.
















