ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘හෝමාගම ගගන’ සහ ‘මාලිගාවත්තේ චමිල’ගේ මෙරට ජාලය මෙහෙයවූ ප්‍රධානතම ගෝලයා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 24ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු රාත්‍රී සමාජ ශාලාවක බවුන්සර්වරයෙකු ලෙස සේවය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මීට පෙර හෝමාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.
මේ වන විට විදෙස් ගතව සැඟවී සිටින හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ මෙරට සියලු අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇත්තේ මෙම සැකකරු විසින් බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















