ඉරානය සමඟ පවතින උණුසුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමට සූදානමක් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මෙම ඓතිහාසික ගිවිසුම මෙම සති අන්තයේදී යුරෝපයේදී අත්සන් කිරීමට ඉඩ ඇති බවයි. මෙම සාම ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ ලෝක බලශක්ති ප්‍රවාහනයේ වැදගත්ම මරමස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ නැවතත් නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික වී තිබේ.
මැදපෙරදිග කලාපයේ උණුසුම සමනය කිරීමට සහ ගෝලීය බොරතෙල් වෙළෙඳපොළ ස්ථාවර කිරීමට මෙම සාම ගිවිසුම දැඩි ලෙස බලපානු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙති.
















