අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙල මහතා සහ අධ්යක්ෂ ජනරාල්වරයා වර්තමාන රජයට සම්බන්ධ ප්රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් මන්දගාමී හෝ මෘදු ප්රතිපත්තියක් අනුගමනය කරන බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත.
අදාළ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන සිදු නොවන බවත්, රජයේ ප්රබලයින් ආරක්ෂා කිරීමේ ස්ථාවරයක කොමිසමේ ඉහළ නිලධාරීන් සිටින බවටත් මෙම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. එම කරුණු සැලකිල්ලට ගනිමින් අධ්යක්ෂ ජනරාල්වරයාගේ ක්රියාකලාපය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
















