සුප්‍රසිද්ධ බොලිවුඩ් තරු වන ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, ඔවුන්ගේ පැමිණීම ගුවන්තොටුපළේ “සේද මාර්ග” (Silk Route) අත්දැකීමට විශේෂ ආකර්ෂණයක් එක් කළේය.
මෙම බොලිවුඩ් තරු තිදෙනා ගුවන්තොටුපළේ සුවිශේෂී සේවාවක් වන “BIA සේද මාර්ග” සේවාව භාවිත කළ අතර, එමගින් කීර්තිමත් පුද්ගලයින්ට සහ මගීන්ට ඉතා කාර්යක්ෂම, වේගවත් මෙන්ම ඉහළ මට්ටමේ සුවපහසුවකින් යුත් සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.
මෙම සේවාව හරහා මගීන්ට තම ගුවන් ගමන් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමටත්, විවිධ විශේෂිත සේවාවන් රාශියක් ලබා ගැනීමටත් හැකියාව පවතී.
















