දුම්කොළ පරිභෝජනය හේතුවෙන් සිදුවන සෞඛ්‍ය අවදානම අවම කිරීම සහ රජයේ ජාතික බදු ආදායම් එකතු කිරීම් ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින්, බංග්ලාදේශ රජය විසින් ඊයේ (බ්‍රහස්පතින්දා) එරට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2026-27 නව මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මඟින් සියලුම කාණ්ඩවල සිගරට් මිල ගණන් අතිවිශාල ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ, බංග්ලාදේශ මුදල් අමාත්‍යාංශය විසින් දුම්කොළ සහ දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මත පනවා ඇති මෙම දැඩි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට සිගරට් වෙළෙඳපොළ මිල ගණන් සීඝ්රයෙන් වෙනස් වීමට නියමිත බවයි.
නව අයවැය බදු යෝජනාවලියට අනුව, බංග්ලාදේශය තුළ සිගරට් මිල ගණන් කාණ්ඩ අනුව වෙනස් වන ආකාරය මෙසේය:
– අඩුම මිල කාණ්ඩයේ (Low-tier) සිගරට්: සිගරට් 10කින් යුතු පැකට්ටුවක මිල ටකා (Tk) 60 සිට ටකා 62 දක්වා ඉහළ දමා ඇත.
– මධ්‍යම මිල කාණ්ඩයේ (Mid-tier) සිගරට්: සිගරට් 10ක පැකට්ටුවක මිල ටකා 80 සිට ටකා 92 දක්වා සැලකිය යුතු අගයකින් ඉහළ යනු ඇත.
– ඉහළ මිල කාණ්ඩයේ (High-tier) සිගරට්: 10කින් යුතු පැකට්ටුවක මිල ටකා 140 සිට ටකා 160 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මෙහිදී වැඩිම මිල වැඩිවීමක් යෝජනා වී ඇත්තේ සුඛෝපභෝගී හෙවත් ප්‍රිමියම් කාණ්ඩයේ (Premium cigarettes) ඉහළම පෙළේ සිගරට් සඳහා වීම විශේෂත්වයකි. ඒ අනුව දැනට ටකා 185ක්ව පවතින ප්‍රිමියම් සිගරට් 10ක පැකට්ටුවක නව මිල ටකා 210ක් දක්වා මිල අධික වන අතර, මෙම අයවැය යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ වහාම එරට දුම්බොන්නන් හට එක් ප්‍රිමියම් පැකට්ටුවක් සඳහා අතිරේකව ටකා 25ක වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තාවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල වෙමින් බංග්ලාදේශය ගෙන ඇති මෙම දැඩි තීරණය, කලාපයේ සෙසු රටවල දුම්කොළ බදු ප්‍රතිපත්ති කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















