අද (ජූනි 12) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
මහ බැංකුවේ දත්තවලට අනුව, අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.36 ක් ලෙසත් සටහන් විය. මෙය ඊයේ (11) දිනය හා සැසඳීමේදී රුපියලේ කැපී පෙනෙන අවප්‍රමාණය වීමකි.
ඩොලරයට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, යුරෝ, ස්ටර්ලින් පවුම් සහ ස්විස් ෆ්‍රෑන්ක් ඇතුළු ප්‍රධාන විදේශ මුදල් ඒකක රැසකට සාපේක්ෂවද රුපියලේ අගය පහත වැටී ඇත. එසේම බහරේන් සහ කුවේට් දිනාරය මෙන්ම ඕමාන රියාල් වැනි ගල්ෆ් කලාපීය මුදල් ඒකක හමුවේද රුපියල සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බව වාර්තා වේ.
















