දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස අධිචෝදනා දෙකක් ඉදිරිපත් කර ඇත.
2014 වසරේ ජනවාරි 01 වැනිදා සිට එම වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට බෙදා දීම සඳහා රජයේ වියදමින් ආනයනය කළ බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක් අනිසි ලෙස පරිහරණය කිරීම මෙම නඩුවට අදාළ වේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින්, එම බඩඉරිඟු බීජ සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම මගින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු ‘දූෂණය’ නමැති වරද හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
















