අවශ්‍ය ඕනෑම මොහොතක අනවසරයෙන් හෝ කඩා පැන වත්මන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට තමන් කටයුතු කරන බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමිනි.
සටන තවමත් අවසන් වී නොමැති බවත්, මේ වන විට දැවැන්ත අභියෝගයක් රට ඉදිරියේ ඇති බවත් නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. තමන් අළු මතින් නැගිටි පිරිසක් බවත්, ඕනෑම අවස්ථාවක පරිවර්තනය වීමේ හැකියාවක් තමන් සතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ආණ්ඩුව පෙරළීමට ඉඩ නොදෙන බවත්, ඒ පිළිබඳව යම් බියක් ඇතොත් එය දිගටම පවත්වා ගන්නා ලෙසත් ඔහු අනතුරු ඇඟවීය. ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා කිසිවෙකුගේ අවසරයක් තමන්ට අවශ්‍ය නොවන බව ද රන්ජන් ජයලාල් මහතා එහිදී පැවසීය.
















