ප්‍රභූ පන්තියට යළි කිසිසේත්ම දේශපාලන බලය ලබා ගැනීමට ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය. පීඩිත ජන කණ්ඩායම් කෙරෙහි වත්මන් රජයේ දැඩි අවධානය යොමුව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට නව සේවකයන් බඳවා ගැනීම වෙනුවෙන් පැවැති නිල උත්සවයකට එක්වෙමිනි. මෙහිදී පශු සම්පත් සංවර්ධන කාර්ය මණ්ඩලයේ ස්ථිර ක්ෂේත්‍ර පශු සම්පත් සහකාර පත්වීම් 20 ක් සහ ස්ථිර රියදුරු පත්වීම් 14 ක් ලබාදීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.
මෙම අවස්ථාවට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.















