පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට සහ අධිකරණ ක්‍රියාවලියට බාධා කරමින්, ඊට බලපෑම් එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තමන් බලයේ සිටි සමයේදී රැඳවූවන් ඝාතනය කළ සහ සැකකරුවන්ට අතිශය දරුණු ලෙස වධහිංසා පමුණුවන ලද පිරිස්, අද වන විට බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටිමින් සත්‍යග්‍රහ සහ විවිධ උද්ඝෝෂණ සංවිධානය කිරීම හාස්‍යයට කරුණක් බවයි.
මීට අමතරව, හිරු ජන බල පෙරමුණ ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ, අතීතයේදී ‘මිලේනියම් සිටි’ පාවාදීම හරහා ලංකා ඉතිහාසයේ දැවැන්තම හමුදා බුද්ධි අංශ පාවාදීම සිදු කළ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනය කරන පිරිස්, අද වන විට සුරේෂ් සලේ වෙනුවෙන් මෙලෙස සත්‍යග්‍රහ කිරීම මුළුමනින්ම විහිළුවක් බවයි.
















