• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව අතර අන්තර් ආයතනික සාකච්ඡාවක්

12 June 2026
in දේශීය, පුවත්
පරිසර අමාත්‍යාංශය සහ  ශ්‍රී ලංකා රේගුව අතර  අන්තර් ආයතනික සාකච්ඡාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පරිසර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අතර පවතින අන්තර් ආයතනික සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුත් විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පරිසර අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ජාතික ශාක නිරෝධායන සේවය සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. රටේ පාරිසරික සුරක්ෂිතතාව, ජෛව ආරක්ෂණය සහ ආනයන-අපනයන ක්‍රියාවලීන් වඩාත් විධිමත් කිරීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් කෙරෙහි මෙහිදී සෘජු අවධානය යොමු වූ අතර, නිලධාරීන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරය නැරඹීමට ද එක් විය.
නීතිවිරෝධී ලෙස මෙරටට රහසිගතව ගෙන එනු ලබන සතුන් මඟින් රට තුළ රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සහ ජෛව ආරක්ෂණ (Biosecurity) ක්‍රමවේද ශක්තිමත් කිරීම සඳහා විශේෂිත ‘සත්ව නිරෝධායන මධ්‍යස්ථාන’ ස්ථාපිත කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා රේගුවේ වාප්පු ලිපිකරුවන් (Customs House Agent) යොදා ගන්නා සාර්ථක ක්‍රමවේදය, පරිසර අමාත්‍යාංශයට අදාළ ආයතනවල මඟ පෙන්වන්නන් (Guides/Facilitators) සඳහා ද ආදේශ කරමින් සංචාරක ප්‍රවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට ද සාකච්ඡා විය.
මීට අමතරව, විද්‍යාත්මක පර්යේෂණ සහ පාරිසරික විශ්ලේෂණ සඳහා අත්‍යවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව නිදහස් කර ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දෙන ලදී. රට තුළට ප්ලාස්ටික් ආනයනය කිරීම සහ සායනික අපද්‍රව්‍ය (Clinical Waste) ඇතුළුවීම දැඩි ලෙස පාලනය කිරීම සඳහා පවතින නීතිමය ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කිරීමටත්, රට තුළට ගෙන්වන සහ රටින් බැහැරට රැගෙන යන පටක රෝපිත ද්‍රව්‍ය (Tissue Culture Materials) සම්බන්ධයෙන් වඩාත් යෝග්‍ය හා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය. රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම උදෙසා මෙම තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.
Post Views: 0
Previous Post

හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට

Next Post

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට බලපෑම් කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved