ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් භාවිත කරන මෙටා (Meta) සමාගමට අයත් Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය ජාල එකවර බිඳවැටීමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මීට සුළු වේලාවකට පෙර සිට මෙම සමාජ මාධ්‍ය ජාලයන්හි සේවා අඩාල වී ඇති අතර, මේ හේතුවෙන් ලොව පුරා සිටින පරිශීලකයන් සිය ගිණුම්වලට ඇතුළු වීමට නොහැකිව සහ නව තොරතුරු යාවත්කාලීන කරගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කෙසේ වෙතත් මෙම හදිසි බිඳවැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
















