කොළඹ කොච්චිකඩේ, සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් හෙට (13) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ. මංගල්‍යයට සමගාමීව හෙට දහවල් 02.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සුරුවම රැගත් දේව පෙරහර වෙරළබඩ පොලිස් වසමට අයත් මාර්ගයන්හි වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
මේ හේතුවෙන් හෙට දිනයේ කොළඹ කොච්චිකඩේ සහ ඒ අවට මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, සිදුවන අපහසුතාවන් මඟහරවා ගැනීමට පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















