ජාතික රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන්ම ගීත හා වාර්තා වැඩසටහන් ඔස්සේ දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට සහ ජනතා හදවත්වලට සමීප වූ ප්‍රවීණ මාධ්‍යවේදිනී සහ ගී පද රචිකා සුරම්‍යා මාපිටිය මහත්මිය මේ වන විට දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින්නීය. අක්මාව සහ වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් ඇයට හදිසි සැත්කම් රැසක් සිදු කිරීමට අවශ්‍යව ඇති බව වාර්තා වේ.
කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ ඇය වෙනුවෙන් උපකාර කිරීම සඳහා එළඹෙන ජුනි 18 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) “කවි සමඟ ආදරේ – සුරම්‍ය ගී සමාධිය” නමින් විශේෂ ප්‍රසංගයක් සංවිධානය කර තිබේ. මෙම ප්‍රසංගයට දායක වෙමින් හෝ ඔබට හැකි උපරිම අයුරින් ඇයට මූල්‍යමය හෝ වෙනත් සහායක් ලබා දෙන ලෙස කලා ක්ෂේත්‍රයේ පිරිස් සහ ඇයගේ හිතවතුන් ජනතාවගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳ වැඩි විස්තර 072 134 6914 (නලින් මාපිටිය) යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.
















