කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපීපෙනෙන සහ ප්‍රබල වර්ධනයක් අද (12) දිනයේ දී වාර්තා කරමින් ආයෝජකයින්ට විශාල අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වී තිබේ.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 367.41කින් ඉහළ ගොස් ඒකක 21,637.43ක් ලෙස සටහන් වූ අතර, වඩාත් සක්‍රීය සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 91.77කින් ඉහළ ගොස් ඒකක 6,027.05ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, අද දින දෛනික ගනුදෙනු පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 1.99ක් ලෙස වාර්තා වූ අතර, එය මේ වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වන රුපියල් බිලියන 4.65ක අගයට වඩා අඩු මට්ටමක පැවතීම විශේෂත්වයකි.
















