මධ්‍යම පළාතේ ප්‍රමුඛතම තෘතියික සත්කාර රෝහල වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය රුපියල් මිලියන 92ක වියදමකින් සම්පූර්ණයෙන්ම නවීකරණය කර තිබේ.
මෙම නවීකරණයත් සමඟ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගී ධාරිතාව 18 සිට 47 දක්වා ඉහළ නංවා ඇති අතර, රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් පහසුකම් ද නවීන තාක්ෂණයෙන් යුතුව වැඩිදියුණු කර ඇත. ඊට සමගාමීව, රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම උදෙසා කාර්ය මණ්ඩල ධාරිතාව ද සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් වාර්ෂිකව නේවාසික රෝගීන් 80,000කට අධික පිරිසකට සහ බාහිර රෝගීන් ලක්ෂ 2.5කට වැඩි සංඛ්‍යාවකට සිය වෛද්‍ය සේවාවන් සපයනු ලබන අතර, මෙම නවීකරණය මගින් එම රෝගීන්ට වඩාත් උසස් මට්ටමේ ප්‍රතිකාර සේවාවක් ඉක්මනින් ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
















