මාස ගණනාවක් පුරා මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එකඟතාව පළ කර ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම සාම සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. ඒ අනුව, ඉතා කෙටි කාලයක් තුළ සාමය තහවුරු කරමින් ඉදිරි පැය 24 ඇතුළත අන්තර්ජාලය හරහා මෙම ඓතිහාසික සාම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ගිවිසුම මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය උදෙසා තීරණාත්මක පියවරක් වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
















