වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) රජයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මෙරට රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බවත්, එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පවසයි.
අධ්‍යාපනය බිලිදෙන මෙවැනි අත්තනෝමතික තීරණවලට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට සහ අරගලවලට අවතීර්ණ වීමට සිදුවන බව ද ඔවුන් ආණ්ඩුවට සිහිපත් කර සිටී.
















