1970 වර්ෂයේ පැවැති පේරාදෙණිය ශිෂ්‍ය අරගලයේදී වෙඩි වැදී මියගිය කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ පදිංචිව සිටි වීරසූරිය සොයුරා ස්මරණය කිරීම සහ රුපියල් ලක්ෂ 15ක වියදමින් නවීකරණය කරන ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරය සිසු අයිතියට පත් කිරීමේ ස්වර්ණ ජයන්ති සැමරුම හා වාර්ෂික මහා සභාව අද (13) සෙනසුරාදා පෙරවරු 9.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රපීඨ කලාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 1976 වර්ෂයේ සියලුම විද්‍යාර්ථයින් වෙත සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනාවක් ද සිදු කර තිබුණි.
















