මහනුවර – කුරුණෑගල ප්රධාන මාර්ගයේ උඩකොටමුල්ල ප්රදේශයේදී සිදු වූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැරැල්ලගම ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මත පෙරළී ගොස්, ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වහාම ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් නමුත්, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ. තුවාල ලැබූ පසුපැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. මාවතගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















