පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නාවින්න කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී, තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වැටලීම 2026 ජූනි 12 වැනි දින සවස කොටහේන පොලිස් වසමේ ගල්පොත්ත වීදිය ප්‍රදේශයේදී සිදුකර ඇත. ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී තීරුබදු රහිත විදේශීය මත්පැන් බෝතල් 340ක් සහ නීති විරෝධී දුම්වැටි 20,300ක් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් විය.
සැකකරු සන්තකයේ තිබී රුපියල් 5,306,200ක මුදලක් සහ මත්පැන් හා දුම්වැටි ප්‍රවාහනය කිරීමට යොදාගත් මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















