කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් (Minor flood situation) වාර්තාවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ හා මගුර ගඟ පිටාර තැන්නට (Flood plains) අයත් පහත්බිම්වල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කළ යුතු බවයි. එම ප්‍රදේශවල ගමනාගමනයට ද මෙමගින් බාධා එල්ල විය හැක.
කෙසේ වෙතත්, දැනට ලැබී ඇති වර්ෂාපතන දත්ත සහ පවතින වර්ෂා රටාවන් දීර්ඝ වශයෙන් සැලකිල්ලට ගත් විට ඉදිරි පැය කිහිපය තුළ මෙම ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු මට්ටමේ හෝ ඉතා ශීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.
















