රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ මට්ටමක පවතින බවත්, ඔහු මියයන තෙක් බලධාරීන් බලා නොසිටිය යුතු බවත් ඒ මහතාගේ බිරිඳ දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර සිටී.
අද දිනයේ ද ඔහුව බැලීම සඳහා ගිය අවස්ථාවේදී ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, මේ වන විට ඔහු දැඩි උණ තත්ත්වයකින් පසුවන බවයි. එමෙන්ම ඔහුගේ අත් දෙකම දැඩි ලෙස ඉදිමී ඇති බවත්, ශාරීරිකව ඔහු ඉතාමත් දුර්වල (Weak) මට්ටමක පසුවන බවත් ඇය පෙන්වා දුන්නාය.
රඳවා තබාගෙන සිටින හෝ රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවකුගේ මූලික මානුෂීය සහ සෞඛ්‍ය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වගකිවයුතු අංශ කඩිනමින් පියවර ගත යුතු බවත්, පවතින තත්ත්වය හමුවේ ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















