රජයේ වගකිවයුතු පාර්ශවයන් තමන්ට පැවරුණු රාජකාරී මෙන්ම විශේෂඥ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, පාලකයන් මුලින්ම තමන් සතු ජාතික වගකීම් ඉටු කළ යුතු බවත්, දේශපාලනය කළ යුත්තේ එම වගකීම් නිසි පරිදි ඉටු කරන අතරතුර බවත්ය.
රටේ පවතින විවිධ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වගකීම් මඟහැර කටයුතු නොකර, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ජනතාව වෙනුවෙන් ඵලදායී ලෙස මෙහෙයවීමට ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් මතක් කර සිටියහ.
















