මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොළඹ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්යාලය වෙත යාමට අපේක්ෂා කරයි.
මෙම හමුව සඳහා වෙලාවක් ලබාදෙන ලෙස ඉල්ලා පක්ෂ නායකයින් පිරිසක් විසින් දැනටමත් මූල්‍ය අරමුදලේ කාර්යාලයට ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර, සුගිෂ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ලිඛිත ඉල්ලීමට අත්සන් තබා ඇත.
වත්මන් රජයේ පාලනය යටතේ ජනතාව පීඩාවට පත්ව සිටින ආර්ථික ගැටලු, නව බදු සහ ගාස්තු පැනවීම් හේතුවෙන් ඉහළ ගොස් ඇති ජීවන වියදම වැනි කරුණු සම්බන්ධයෙන් විසඳුම් සෙවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන්ම රුපියලේ අගය පහළ යාම සහ ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමට බලපා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සම්බන්ධයෙන් ද මෙහිදී විමසා බැලීමට නියමිත බව වාර්තා වේ.
















