සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට අබුඩාබි සිට පිටුවහල් කරනු ලැබූ ‘බ්ලූමැන්ඩල් සංඛ’ සහ ‘මෝදර නිපුන්’ ගේ සහෝදරයා (මෝදර චතුර) ඊයේ (13) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මීට පෙර ශ්‍රී ලංකාවෙන් පලාගොස් අබුඩාබිහි සැඟවී සිටි අතර, මැදපෙරදිග පවතින ගැටුම්වලට අදාළව ඉරානය විසින් සිදුකරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සන්තකයේ තබාගැනීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ව මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබුණි.
අබුඩාබි බලධාරීන් විසින් ඔවුන්ව පිටුවහල් කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට පැමිණි මොවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඉන් අනතුරුව, ‘මෝදර චතුර’ නැමැත්තා වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන අංශය වෙත භාර දී ඇති අතර, ‘බ්ලූමැන්ඩල් සංඛ’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තබාගෙන තවදුරටත් විමර්ශන සිදුකරනු ලැබේ.
















