මාලඹේ පොලිස් වසමේ, පරගසේදෙණිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි භාවිතයට නොගන්නා ළිඳක තිබී මෘත ශරීරයක් ඊයේ (ජූනි 13) සොයාගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයා අවුරුදු 38 ක් වයසැති මාලඹේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීම සඳහා සිද්ධිය වූ ස්ථානය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පවතී. මාලඹේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















