ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ ඇදී එන සිංහල සහ දෙමළ ජනතාව අතර පවතින ජාතික ගැටලුව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අතිශය ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රකාශයක් සිදුකර තිබේ.
අර්ච්චුනා මහතා විශ්වාසය පළ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු (නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කරමින්) 2029 වසරේ පැවැත්වීමට නියමිත දේශපාලන සටනට ප්‍රවේශ වනු ඇති බවයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම රාජපක්ෂ පරපුරේ නායකත්වය හරහා මෙරට පවතින වාර්ගික අර්බුදයන්ට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති බවයි.
“මම විශ්වාස කරනවා, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ පුතා 2029 ඇවිල්ලා දෙමළ – සිංහල ප්‍රශ්නෙ ඉවර කරනවා කියලා…” යනුවෙන් ඔහු සඳහන් කර ඇත. මෙම ප්‍රකාශය දේශපාලන කරළියේ මේ වන විට දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
















