මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි භාවිතයට නොගන්නා ළිඳක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි. මාවතගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත. මරණය සැකකටයුතු බවට පවතින වාර්තා හේතුවෙන් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මාවතගම පොලීසිය විසින් දියත් කර තිබේ.
















