චීන පාලන තන්ත්‍රය තුළ පවතින අතෘප්තිමත් තත්ත්වයන් සහ දේශපාලනික වෙනසක් අපේක්ෂා කරන චීන නිලධාරීන් මෙන්ම පුරවැසියන් ඉලක්ක කර ගනිමින්, තායිවාන රජය විසින් බුද්ධි තොරතුරු වාර්තා කිරීම සඳහා විශේෂිත වෙබ් අඩවියක් අද (14) දින එළිදක්වා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය විසින් සිය භූමියට එරෙහිව සිදුවන චීන ඔත්තු බැලීමේ ක්‍රියාවන්හි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා කර ඇති පසුබිමක, ආරක්ෂිත සන්නිවේදන නාලිකාවක් ලෙස මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
දශක ගණනාවක් පුරා තායිවානය සහ චීනය අතර පවතින නොසන්සුන්කාරී සබඳතා හමුවේ, දෙරටෙහි බුද්ධි අංශ එකිනෙකා වෙත දැඩි අවධානයකින් පසුවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෑත කාලීනව චීන ඔත්තු බැලීමේ සිද්ධීන් වාර්තා වීමේ ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. චීනය විසින් තායිවානය තම භූමියේම කොටසක් ලෙස සලකමින් එහි බලපෑම තහවුරු කර ගැනීමට උත්සාහ දරන අතරතුර, තායිවානය විසින් ආරම්භ කරන ලද මෙම නව පියවර හරහා චීන පද්ධතිය කෙරෙහි කලකිරීමට පත් පුද්ගලයින්ගෙන් තොරතුරු ලබාගැනීම උපායමාර්ගික වශයෙන් වැදගත් වේ.
මෙම නව වෙබ් අඩවිය හරහා චීනය ද මීට පෙර ‘වෙන්ව යන්නන්’ (separatists) වාර්තා කිරීම සඳහා ක්‍රියාත්මක කළ බුද්ධි තොරතුරු පද්ධතියට සමගාමීව, තායිවානය ද තම ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට නව මාවතක් විවර කරගෙන ඇත. තායිවාන රජයේ මෙම තීරණය දෙරට අතර පවතින දැනටමත් උණුසුම්ව පවතින දේශපාලනික සහ බුද්ධිමය ගැටුම් තවදුරටත් උග්‍ර කිරීමට හේතුවක් විය හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ඉදිරියේදී මෙම ද්වාරය හරහා ලැබෙන තොරතුරු ප්‍රමාණය සහ එහි ප්‍රතිඵල මත කලාපීය ආරක්ෂක උපායමාර්ගයන්හි වෙනස්කම් සිදුවීමේ ඉඩකඩ පවතී.














