ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාව යටතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර ආසනය කේන්ද්‍ර කර ගනිමින් ජන හමු මාලාවක් සාර්ථකව පවත්වා තිබේ. අම්පාර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.
චන්දනගම කොට්ඨාස ජන හමුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා උප සභාපති රංජිත් වසන්ත මහතාගේ සංවිධානයෙන් දෙහිඅත්තකණ්ඩිය, දොළකන්ද හන්දියේදී පැවැත්විණි. පදියතලාව කොට්ඨාස ජන හමුව පදියතලාව ප්‍රාදේශීය සභා හිටපු සභාපති ලලන්ත සුමිත් මහතාගේ සංවිධානයෙන් පදියතලාවේදී පැවැත්විණි. උහන කුමාරිගම කොට්ඨාස ජන හමුව උහන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඒ. දෙලංකාවල මහතාගේ සංවිධානයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවන් සඳහා ගරුතර මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතනවල වත්මන් හා හිටපු නියෝජිතයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
















