2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා නිවේදනය කරයි.
අපේක්ෂකයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සහ ප්‍රතිඵල සැකසීමේ අවසන් අදියරේ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව අවසන් වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මුලින් අපේක්ෂා කළ පරිදි ජුනි 15 වැනි දින ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවට වාර්තා පළ වුවද, විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ඉතා කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
විභාග අපේක්ෂකයින්ට තම ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා ඒවා ලබාගත හැකි වේ.
















