බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ‘TIN’ අංකය මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 04ක් පමණ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට පුද්ගලයින් මිලියන 13කට අධික පිරිසක් TIN අංකය ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනාම එය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව මෙරට පුද්ගලයින් මිලියන 17ක පමණ පිරිසක් TIN අංකය ලබා ගත යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම සහ අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ් පත් ලබා ගැනීම වැනි විවිධ ගනුදෙනු සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
එසේම, අදාළ නව පනතට අනුව TIN අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
















