එළඹෙන වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පසුගිය වසරේදී ප්‍රාග්ධන වියදම් සඳහා රජය රුපියල් බිලියන 1,350ක් පමණ යොදවා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, වර්තමාන රජය ස්ථාවර වීම වැළැක්වීමේ අරමුණින් ජනතාව සහ ජාත්‍යන්තරය තුළ ආණ්ඩුව කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැඟීමට විපක්ෂය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.
















