ඓතිහාසික රාජ්‍ය පොසොන් ජාතික උත්සවය මෙවර උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් රජය හෝ අදාළ වගකිවයුතු බලධාරීන් මෙතෙක් තමන් වහන්සේව සම්බන්ධ කරගෙන නොමැති බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරති.
මෙවර උත්සව කටයුතු වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කිරීමට අදහස් කර ඇති බවත්, එම මුදලින් පමණක් මෙවැනි ජාතික උත්සවයක් සිදු කිරීම ප්‍රායෝගික නොවන බවත් උන්වහන්සේ පෙන්වා දෙති. නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ උත්සවයේ කටයුතු සැලසුම් කිරීම ගැටලුකාරී වී ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
















