මේ සතියේ පිලිපීනයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මුහුදු පතුල මීටර් 2ක පමණ ප්‍රමාණයකින් ඉහළට එසවී ඇති බව එරට පරිසර දෙපාර්තමේන්තුව තහවුරු කරයි. “වෙරළබඩ උද්දීපනය” (Coastal uplift) ලෙස හඳුන්වන මෙම දුර්ලභ භූ විද්‍යාත්මක සංසිද්ධිය දේශීය සමුද්‍ර පරිසර පද්ධතියට විශාල තර්ජනයක් මතු කර තිබේ.
මෙම භූ චලනය නිසා වසර ගණනාවක් මුළුල්ලේ ජලයෙන් යටවී තිබූ කොරල් පර සහ මුහුදු තෘණ බිම් මේ වන විට ජල මට්ටමට ඉහළින් නිරාවරණය වී ඇත. මෙය එම කලාපයේ ජීවත්වන සාගර ජීවීන්ගේ පැවැත්මට දැඩි ලෙස බලපා ඇති අතර, ස්වභාවික වාසස්ථාන විනාශ වීම නිසා මහා පාරිසරික ව්‍යසනයක් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.
පිලිපීන පරිසර දෙපාර්තමේන්තුව මේ වන විටත් බලපෑමට ලක්වූ වෙරළබඩ ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම භූ විද්‍යාත්මක වෙනස වෙරළබඩ ජීවිතයට සහ සමුද්‍ර ජෛව විවිධත්වයට සිදුකර ඇති හානිය අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
















