ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් දකුණු ලෙබනනයේ ශෞකින් , අල්-මන්සූරි සහ කෆාර් සර් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. කලාපයේ උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින් එල්ල වූ මෙම ප්‍රහාර, පවතින සාම සාකච්ඡා බිඳ දැමීමේ සහ යුද්ධය තවදුරටත් දීර්ඝ කිරීමේ උපාය මාර්ගයක් ලෙස දේශපාලන විචාරකයන් විසින් හඳුන්වා දී ඇත.
සාම ගිවිසුමකට එළඹීමට අතිශය තීරණාත්මක කාලවකවානුවක් පසුකරමින් සිටියදී මෙවැනි හමුදා ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද දැඩි විවේචනයක් පවතී. යුද ගැටුම් තවදුරටත් උග්‍ර කිරීම මගින් කලාපීය ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජනය මෙයින් මනාව පැහැදිලි වන අතර, ප්‍රහාරයට ලක්වූ ප්‍රදේශවල සිදුව ඇති හානිය පිළිබඳ තොරතුරු තවමත් ලැබෙමින් පවතී.
















