කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි තද සුළං පිළිබඳ ‘ඇම්බර්’ (Amber) අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (14) රාත්‍රී 8.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (15) රාත්‍රී 8.30 දක්වා වලංගු වේ.
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවලද විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇති විය හැකිය.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















