ඉන්දීය A කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේදී (Super Over) ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය.ජයග්‍රහණය සඳහා ලකුණු 266ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබාගැනීම නිසා තරගය සම තත්ත්වයෙන් අවසන් විය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් පියවර ගත්හ.
සුපිරි පන්දුවාරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක් රැස් කිරීමට සමත් වූ අතර, පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාරය අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තේය.
















