පොහොර සම්බන්ධයෙන් පවතින ඒකාධිකාරය බිඳ දැමිය යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඒ වෙනුවෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය දැනටමත් සැලකිය යුතු මැදිහත්වීමක් සිදු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් එහි නිලධාරීන් සමඟ පැවති සුහද සාකච්ඡාවකදීය. මෙම සංචාරයේදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා විසින් එම කාර්යාලයේ කාර්යභාරය සහ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා වෙත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
















